Sunday, January 19, 2014

සිංහල රංග කලාවේ ස්වර්ණමය යුගය



සිංහල රංග කලාවේ ස්වර්ණමය යුගය
  

එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය යුගය



  
නාඩගම් ‚නූර්ති හා ගැමි නාටක ආශ්‍රෙයන් ආරම්භ වූ සිංහල නාටකකලාව අද ප්‍රභල කලා අංගයක් බවට පත් වී තිබේ. තමා වින්දනය කරනු ලැබූ උසස් අත්දැකීමක් එලසින්ම ප්‍රේක්ෂකයන්ය රස විදීමට මග සලස්වන අරමුණෙන් නාටකය නිර්මාණය කරන රචකයා එය නිෂ්පාදනය කරන්නේ ද අපූර්ව අන්දමිනි.  ලොව පිළිගත් ඇරිස්ටෝටලියානු නාටක රීතීන්ද‚ සැමුවෙල් බෙකට් විසින් හෙළිදරව් කරන ලද අසම්මතවාදී රංග රීතීන්ද‚ බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් ප්‍රචලිත කරන ලද එපික් රංග රීතියද‚ එදා සිට පැවත එන්නා වූ  ස්භාවික සංවාද සහිත තාත්විත රීතියද යන සෑම රීතියක් හෝ ඒ හැමකකම මිශ්‍රණයක් වේදිකාව මත පෙන්වීම වැදගත් වේ. 
අප රටේ විශාල නාටක ප්‍රමාණයක් නිෂ්පාදනය වී තිබෙන ආකාරය දැක ගැනීමට හැකි වේ. නමුත් ඒවා සාර්ථක නිර්මාණද යන්න ප්‍රශ්නයකි. මන්ද එම නාටක ලියා ඇත්තේ මෙම කලාව නිසි ලෙස තේරැම් නොගෙනයි. නාටක කලාව දියුණු කිරීමට නම් නාටක රචකයා පමණක් නොව විචාරකයාද විචාරක බුද්ධියෙන් තම කටයුත්ත සිදු කිරීම වැදගත් වේ. එසේ නොමැතිව සිදු කරනු ලබන විචාර නිසා ප්‍රේක්ෂකයන් පමණක් නොව නාටක නිෂ්පාදකයුනුත් කලකිරෙන තත්වයකට පත් වේ.
සිංහල නාටක කලාවේ නව යුගය ආරම්භ වන්නේ සරච්චන්ද්‍ර මහතාගේ නාටක නිර්මාණ සමගයි. විශේෂයෙන් සරච්චන්ද්‍ර මහතාග්“ මනමේ” සහ “සිංහබාහු” යන නාටක ඉතා සුවිශේෂී නාටක නිර්මාණ ලෙස පෙන්වා දීමට හැකි වේ. ශෛලීගත ආකෘතිය පදනම් කොට ගනිමින් නිර්මාණය කරනු ලැබූ මෙම නාටක වලට මූලික පදනම කොට ගැනෙනුයේ මිනිසාගේ මානුෂීය හැගීම් වේ. ගැමි නාටක ශෛලිය අභාෂයට ගනිමින් නිර්මාණය කරනු ලැබූ මෙම නිර්මාණ නිසා නව නාටක සම්ප්‍රධායක් බිහි වන ආකාරය දැක ගැනීමට හැකි වේ.
සෑම ප්‍රභල කලා නිර්මාණයකම වැදගත් වන්නේ කියන දෙයයි. ශ්‍රේෂ්ඨ නිර්මාණ ශිල්පීන් තමන්ගේ සිතෙහි ගොඩ නැගෙන්නා වූ ජීවන දැක්මක් සමාජයට පැහැදිලිව පෙන්වා දිය හැකි උචිත මාධ්‍යයක් මගින් නිර්මාණය කරනු ලබයි. එය නවකතාවක් විය හැකි වේ. නැතිනම් කෙටි කතාවක් විය හැකි වේ. එම මාධ්‍ය හරහා නිර්මාණශිල්පියා තමන්ගේ අදහස් ඉදිරිපත් කරනු ලබයි. මේ අනුව විචාර සම්පන්න‚ප්‍රතිභා පූර්ණ නාටක ශිල්පියාගෙන් බිහිවන්නා වු නාටක අපූර්වත්වයෙන් යුක්ත වේ. අර්ථවත් පුවතක් අපූර්වත්වයක් සමග වේදිකා ගත කිරීමේ හැකියාව නාටක ශිල්පියා සතු විශේෂ ලක්ෂණයක් ලෙස පෙන්වා දීමට හැකි වේ.
නාටක කලාවද සමස්තව ගත් කළ එය අනෙක් තලාවන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන් කොට ගත හැකි කලාවක් නොවේ. නමුත් නාටක කලාවට පමණක් ආවේණික වූ ලක්ෂණ ගණනාවක් දැක ගැනීමට හැකි වේ. එහිදී මූලික වශයෙන්ම වැදගත වන්නේ නාටක පිටපතයි. එමෙන්ම නාටක කලාව වනාහි සෑම කලාවකගේම එකතුවකින් ගොඩ නැගෙන්නක් ලෙස පෙන්වා දීමට හැකි වේ.  විශේෂයෙන් ආනුශංගික අංගයන් ගණනාවකගේ දායකත්වය මේ තුළ දැක ගැනීමට හැකි වේ. අංග රචනය‚ වේදිකා පරිපාලනය‚ පසුතල නිර්මාණකරණය‚ සංගීතය‚ රංග වින්‍යාසය මේ ආදී වශයෙන් කලා සම්ප්‍රධායන් ගණනාවක් මේ තුළ දැක ගැනීමට හැකි වේ. මිනිසාගේ දෛනික ජිවිතයේ පැවැත්මට ආහාර අවශ්‍ය වන්නේ යම් සේද ආධ්‍යාත්මික ජීවිතයට ආධ්‍යාත්මික ආහාර අවශ්‍ය වේ. කලාව යනු ඉන් එක් අහාරයක ලෙස පෙන්වා දීමට හැකි වේ.
1956 “මනමේ”  නාට්‍ය බිහි වීමත් සමඟ ඇතිවූ නාට්‍ය ප්‍රබෝධය හේතුවෙන් අපගේ සිංහල නාට්‍ය කලාව තුළ නව ශිල්න ක්‍රමත්‚ නව සම්ප්‍රධායන්ද බිහි වන්නට විය. ඒ අනුව ඒ ඔස්සේ නව නිර්මාණ ගණනාවක් බිහි වන ආකාරය දැක ගැනීමට හැකියාව ලැබේ. මෙම වකවානුව තුළ බිහි වූ සාර්ථක නිර්මාණ ලෙස මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ “සිංහබාහු” සහ “මනමේ” යන නාට්‍යද‚ ගුණසේන ගලප්පත්තිගේ “මූදු පුත්තු” ද‚ හෙන්රි ජයසේනයන් විසින් නිර්මාණය කරන ලද “හුණුවටයේ කථාව”  යන නාට්‍ය නිර්මාණ පෙන්වා දීමට හැකි වේ. මෙම නාට්‍යයන්හි පවතින්නා වූ කාව්‍යමය හා සාහිත්‍යමය සාර්ථකත්වය ඉතා උසස් තැනක් ගනු ලබයි. පෙරදිග හා අපරදිග නාට්‍ය විචාර සිද්ධාන්ත වලට අනුකූල වන ලෙස මෙම නාට්‍ය නිර්මාණය කර තිබීම එයට හේතුව වන්නට ඇත. විශාල නාට්‍ය සංඛ්‍යාවක් නිෂ්පාදනය  වී ඇති මෙරට නාට්‍ය කලාවේ තුළ ඉතා උසස් ගණයේ නාට්‍ය ගණනාවක් දැක ගැනීමේ වාසනාව අපට හිමි වී තිබේ. සෑම නාට්‍ය ශිල්පියෙකුටම සිංහබාහු ‚ මනමේ වැනි නාට්‍ය නිර්මාණ බිහි කළ නොහැක. නාටයක් තුළ අපූර්වත්වය මතු වන්නේ එම නාට්‍යයට පාදක වන්නා වූ අපූර්ව අත්දැකීම‚ රංග ශෛලිය යන අංග දෙකම එකතු වූ කල්හිය.  එවැනි විශිෂ්ඨ නාට්‍ය කිහිපයක් පහත ආකාරයට පෙන්වා දීමට හැකි වේ.
*      එදිරිවීර සරච්චන්ද්‍ර - බවකඩතුරාව‚ ලෝම හංස‚ ප්‍රේමතී ජායතී ශෝකෝ
*      හෙන්රි ජයසේන - ජනේලය‚ කුවේණි
*      සයිමන් නවගත්තේගම - සුභ සහ යස
*      දයානන්ද ගුණවර්ධන - ගජමන් පුවත‚ නරි බෑනා
*      ධර්මජිත් පුනර්ජීව- ලිහිණි
*      සුනන්ද්‍ර මහේනද්‍ර - සොක්‍රටීස්
*      ආර්.ආර්. සමරකෝන්- කැළණි පාලම
*      රංජිත් ධර්මකීර්තිගේ- මෝදර මෝල
*      සුගතපාලද සිල්වා- මරාසාද්
*      ධර්මසිරි බණ්ඩාරනායක- ධවල භීෂණ
යන නාට්‍ය පෙන්වා දීමට හැකි වේ. මනමේ නාට්‍යට පසුව බිහි වූ  බොහෝ නාට්‍ය ගණනාවක් අසාර්ථක වීමට හේතුව වන්නේ  මනමේ බිහිවීමට පෙර සංහල නාට්‍ය කලාවේ පැවති දුර්වලතාවයන්ය. මන්ද එකළ බොහෝ නාට්‍ය ශිල්පීන් ආභාෂය ගනු ලැබූයේ බටහිර නාට්‍ය කලාවේ අභාෂයයි. නමුත් එය ලාංකීය ප්‍රේක්ෂක ජනතාවට නුහුරැ අද්දැකීමක් වූ අතර එම නිසා එම නාට්‍ය ප්‍රේක්ෂකයාගෙන් දුරස් වන්නට විය. නමුත මේ බව වටහා ගත් සරච්චන්ද්‍ර මහතාට අවශ්‍ය වූයේ අපේ රටට ගැළපෙන්නා වූ නාට්‍ය ශෛලීයක් නිර්මාණය කර ගැනීමයි. ඒ සඳහා ඔහු තෝරා ගනු ලැබූයේ දේශීය ගැමි නාටක සහ නාඩගම් වැනි සම්ප්‍රධායන් වේ.  මන්ද හයට හේතුව වුයේ එම අංගයන් දේශිය ජනතාවට වසාත් සමීප කලාවන් වීමයි. මෙසේ ගොඩ නැගෙන්නා වූ නාට්‍ය කලාව තුලින් ඉතා විශිෂ්ඨ ගණයේ නාට්‍ය නිර්මාණ බිහි වන ආකාරය දැක ගැනීමට හැකියාව ලැබේ. මෙම කාලවකවානුව තුළ බිහි වූ විශිෂ්ඨ නාට්‍ය ශල්පීන් සහ ඔවුන්ගේ නාට්‍ය නිර්මාණ පිළිබඳව මීළඟට සලකා බලමු.
ගුණසේන ගලප්පත්ති
1927 වර්ෂයේ ජූනි මස 27 වන දින උපන් මොහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් නාට්‍ය කලාවට පිවිස ලෝකප්‍රකට ස්ටැනිස්ලව්ස්කිගේ රංග ශිල්පය හදාරා ඒ තුළින් නාටය ක්ෂේත්‍රයට පිවිසුණු පුද්ගලයෙකු ලෙස පෙන්වා දීමට හැකි වේ. ඔහු ශෛලීගත රංග ක්‍රමය උපයෝගී කොට ගනිමින් සඳකිදුරැ  නාටය ඔහුගේ නාට්‍ය ජීවිතයේ ආරම්භය සනිටුහන් කරන්නට විය. මොහු විසින් නිර්මාණය කරනු ලැබූ මූදු පුත්තු නාට්‍ය මොහුගේ නාට්‍ය නිර්මාණ අතර සුවිශේෂී නිර්මාණයක් ලෙස පෙන්වා දීමට හැකි වේ.  ජීවිතය පිළිබඳ ගැඹුරැ අවබොධයකින් හෙබි ප්‍රතිභාපූර්ණ කවීත්වයක් හා තම කලා මාධ්‍ය පිළිබඳව මනා දැනුමක්ද ඔහු සතුව ඇති බව නාට්‍යෙය් ආධ්‍යාත්මය නිරීක්ෂණය කරන විට පෙනේ. මෙම නාට්‍ය ස්පාඤ්ඤ ජාතික දෘශ්‍ය කාවය රචකයෙකු වන ගර්සියා ලෝර්කාගේ “යෙර්මා” නම් දෘෂ්‍ය කාව්‍ය ඇසුරෙන් රචනා වී තිබුනද අපේ දේශීය පරිසරයට ගැළපෙන ලෙස එය අනුවර්තනය කර තිබෙන ආකාරය දැක ගැනීමට හැකි වේ.  බටහිර ස්භාවික නාට්‍ය සම්ප්‍රධායේත් පෙරදිග ශෛලීගත නාට්‍ය සම්ප්‍රධායත් මිශ්‍ර කරමින් මෙම නාට්‍ය නිර්මාණය කර තිබේ. මෙම නාට්‍ය තුළින් නාට්‍ය රචනයේත්‚ නාට්‍ය නිෂ්පාදනයේත් ඇති උසස්බව නිසාම නාට්‍ය තුළ ශිල්පීය නිපුනත්වය කදිම ලෙසින් දැක ගැනීමට හැකි විය. මෙම නාට්‍ය තුළ භාෂාව යොදා ගැනීමද සුවිශේෂී වේ. පැරනණි කාව්‍යමය භාෂාවත්‚ පොදු ජන ව්‍යවහාර භාෂාවත් මේ සඳහා යෙදා ගෙන තිබෙන ආකාරය දැක ගැනීමට හැකි වේ. මෙයට අමතරව ඔහු අතින් නිර්මාණය කරනු ලැබූ අනෙක් නාටයයන් වනනේ ලියතඹරා සහ දෑස නිසා යන නිර්මාණයි. මෙම ලියතඹරා නාට්‍ය සඳහා යොදා ගෙන තිබුණේ ස්භාවික සංවාද රීතියයි. එම නිසා එම නාට්‍ය එතරම් සාර්ථක වුයේ නැත. නමුත් මේ සඳහා වස්තු විෂය කොට ගෙන තිබුණේ ටමරට පැවති දේශපාලනයේ සමකාලීන ප්‍රශ්නයකි. එය විදේශිය නාට්‍යයක අනුවර්තනයක් වූවත් දේශීයත්වයට ගැළපෙන ලෙසින් නිර්මාණය කර තිබීම විශේෂ ලක්ෂණයක් ලෙස පෙන්වා දීමට හැකි වේ. මොහු විසින් නිර්මාණය කරනු ලැබූ නාට්‍ය පහත ආකාරයට පෙන්වා දීමට හැකි වේ.

නාට්‍ය
වර්ෂය
සඳකිදුරැ                       
1957
මූදු පුත්තු                       
1962
දෙවතා එළි                  
1962
දෑස නිසා                      
1964
ලියතඹරා
1967
 තාත්තා                        
1969






6 comments:

  1. hoda denumak labaganna puluwan.hodaai

    ReplyDelete
  2. me vidiha deyak gana sinhalen thiyena lipi godak adui. me artical eka godak hodai.................

    ReplyDelete
  3. me gana thava danna. godak vadagath..................

    ReplyDelete
  4. thava information damanam hodai dr.....................

    ReplyDelete
  5. godak hoda blog ekk............................

    ReplyDelete